අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබන පවුල් සවි බලගැන්වීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය

අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභ ලබන පවුල් අවුරුදු 03ක් ඇතුළත ආර්ථික, සමාජීය හා මානසික වශයෙන් සවිබල ගැන්වීම අරමුණු කර ගනිමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව, එම වැඩසටහනේ මූලික අදියර වශයෙන් දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රතිලාභී පවුල් 16,000ක් ඉලක්ක කර ගනිමින් ආසියානු සංවර්ධන බැංකු හා ලෝක බැංකු මූල්‍ය ආධාර සහ දේශීය අරමුදල් මගින් නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටද අනුමැතිය හිමිව ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ නියමු ව්‍යාපෘතියෙහි ප්‍රතිඵල මත පදනම්ව සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල හඳුනාගත් ප්‍රතිලාභ පවුල් සවිබල ගැනීම සඳහා අදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images news images