Serene River Park අද ජනතා අයිතියට

ගාල්ල, හෝලුවාගොඩ ඉදිකළ Serene River Park පාරිසරික උද්‍යානය අද (13) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ‍ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

ගාල්ල නගරයට නුදුරු හෝලුවාගොඩ ඉදිකළ Serene River Park පාරිසරික උද්‍යානය, පුරන් වූ කෙත් බිමක් පාරිසරික උද්‍යානයක් බවට පරිවර්තනය කරමින් 2021 වර්ෂයේදී ආරම්භ කෙරුණා.

අක්කර 14කින් යුත් Serene River Park තුළ  ළමුන්ට සුව පහසු ක්‍රීඩා කිරීමේ අංගන, ශරීර සුවතා මංතීරු, ජල ක්‍රීඩා සමග බෝට්ටු සවාරි, දෙස් විදෙස් සන්නාමයන්ගෙන් යුතු ආහාර වර්ග අඩංගු පරිශ්‍ර, කුලුබඩු සහ වැවිලි නිෂ්පාදන වර්ග ඇතුලු දේශීය නිමැවුම්  මිළදී ගත හැකි පරිශ්‍ර, ATM බැංකු පහසුකම් ආදී බොහෝ පහසුකම් වලින් සමන්විත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.