සරසවි අනධ්‍යයන සේවකයින් වැඩ වර්ජනයක

වැටුප් ගැටළුවක් මුල්කර ගනිමින් විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දෙවන දිනටත් අද (13) ක්‍රියාත්මක වනවා.

ඒ අනුව එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද පස්වරු 4.30 දක්වා ක්‍රියාත්මක බව අන්තර් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති මහා සම්මේලනයේ සමලේකම් කේ.එල්.ඩී.ජී. රිච්මන්ඩ් සඳහන් කළේ.

බලධාරීන් සිය ගැටලු සඳහා විසඳුම් ලබා නොදෙන්නේ නම් ලබන සතියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයකට යොමුවීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.