සයිබර් අපරාධ මැඩලීම සඳහා පොලීසියේ 20කට ඉන්දියාවේදී විශේෂ පුහුණුවක්

සයිබර් අපරාධ විමර්ශනය සහ කෘතිම බුද්ධිය පිළිබඳ විශේෂිත පාඨමාලාවක් සඳහා මෙරට පොලිස් නිලධාරීන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාවට ගොස් තිබෙනවා.

ඉන්දියාවේ හයිද්‍රාබාද්හි Central Detective Training Institute (CTDI) ආයතනයේදී ඔවුන් එම පුහුණුව ලබන බවත්, අදාළ කණ්ඩායම ඉකුත් 03 වනදා ඉන්දියාව බලා පිටත්ව ගිය බවයි ශ්‍රී ලංකා පොලීසිය සඳහන් කළේ.

මෙම කණ්ඩායමට ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයෙක්, සහකාර පොලිස් අධිකාරිවරුන් 02ක් සහ පොලිස් පරීක්ෂකවරුන් 17 දෙනෙකු ඇතුළත්.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ මෙම කණ්ඩායම අදාළ පාඨමාලාව සඳහා එක්වී තිබෙනවා