විදෙස්ගත වූ ඇතැම් වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයින් යළි සේවයට පැමිණ තිබෙනවා – වෛද්‍ය ජී.විජේසූරිය

වෛද්‍යවරුන් විදෙස්ගතවීමේ යම් අඩුවක් දක්නට ලැබෙන බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය පවසනවා.

ආර්ථික ගැටලුකාරී තත්ත්වය හා විවිධ අර්බුද හමුවේ විදෙස්ගත වූ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් හා හෙද නිලධාරීන් යම් පිරිසක්ද සේවයට පැමිණ ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව පසුගිය කාලයේ පැවති උග්‍ර සෞඛ්‍ය නිලධාරීන්ගේ හිඟය මේ වන විට යම්තාක් දුරකට පහව ගොස් විශේෂඥ වෛද්‍යවරුන් රෝහල්වලට අනියුක්ත කිරීමට හැකියාව ලැබී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.