ලොකු ළුෑණු මිල වැඩි වුන හැටි ගැන වෙළඳ ඇමති ප්‍රකාශ කළ යුතුයි – අසේල සම්පත්

ලොකු ළුෑණු මිල වැඩිවූ ආකාරය සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශයක් සිදුකළ යුතු බව ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් පවසනවා.

ඩොලරයේ මිල අඩුවී ඇති අවස්ථාවක රුපියල් 380 කට පැවති ලොකු ළුෑණු මිල 650 දක්වා වැඩිවූයේ කෙසේදැයි ගැටලු සහගත බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ව්‍යපාරිකයනින් විසින් සිතූ සිතූ මිල ගණන්වලට විකිණීමට කටයුතු කරන බවත්, අද වන විට පාරිභෝගික අධිකාරියට සභාපතිවරයෙක් නොමැති තත්ත්වයකටද පත්ව ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.