හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින රචිත පොත බියගුළු පොතක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසනවා.
ගෝඨාභය රාජපක්ෂ සමග තමාටත්, උදය ගම්මන්පිලටත් පෞද්ගලික ආරාවුලක් ඇති බවට එම පොතේ කියා ඇති නමුත්, කිසිකෙනෙක් සමග එවැනි පෞද්ගලික ආරාවුලක් නොතිබුණු බවත්, බැසිල් රාජපක්ෂ සමග පැවතියේ දේශපාලනික ආරවුලක් බවයි ඔහු සඳහන් කළේ.
එසේම, “කුමන්ත්‍රණය” කියා පොතේ නම ඇති නමුත්, ක්‍රමන්ත්‍රණය කලේ කව්දැයි පොත ඇතුළත කියා නොමැති බවද, එක් විදෙස් රටකවත් නමක් සඳහන් කර නොමැති බවද, ඔහු තීරණ ගැනීමේදී සිදුවූ දේ එයින්ම තේරෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.