එදා තාප්පවල චිත්‍ර ඇඳපු තරුණ ළමයි අද පොහොට්ටුව සමඟ නැහැ – තිස්සකුට්ටිආරච්චි

69 ලක්ෂයෙන් ලක්ෂ 19 ක් අඩුවුවත් ඡන්ද ලක්ෂ 50 ක් ඇති ස්ථාවර පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටිආරච්චි පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණු ඡන්ද ප්‍රමාණය අතරින් රැල්ලට පැමිණි පිරිසක් හා ගෝඨාභය රාපක්ෂ පැමිණ මෙම ක්‍රමය වෙනස් කරාවි යැයි බලාපොරොත්තුවෙන් ඡන්දය ලබාදුන් පිරිසක් සිටිය බවත්, එම නවක ඡන්ද වලින් ප්‍රමාණයක් අද වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ නොමැති බව පිළිගත යුතුව ඇති බවද ඔහු සඳහන් කළා.

තාප්පවල චිත්‍ර අඳින ලද තරුණ තරුණින් ඇතුළු පිරිසගේ සිතුම් පැතුම් ඉටු නොවූ බවද, එයින් කොටසක් මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක්ව ඇති බවද, 69 ලක්ෂය අඩුවී ඇද්ද නැතහොත් වැඩිවී ඇද්ද යන්න සම්බන්ධයෙන් දැනගත හැකිි වවන්නේ මැතිවරණයකින් බවද පාර්ලිමේන්තුවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.