මන්ත්‍රී ගාමිණි වලේබොඩගේ නිවසට ලොරි රථයක් කඩා වදී

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ පදිංචිව සිටින බලංගොඩ මිරිස්වත්ත ප්‍රදේශයේ නිවසට (11) රාත්‍රියේ ලොරි රථයක් කඩා වැදී තිබෙනවා.

ඒ හේතුවෙන් මන්ත්‍රීවරයාගේ නිවසට හානි සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

රාත්‍රි 8 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී මන්ත්‍රීවරයා නිවසේ සිට නොමැති බවද සඳහන්.

මෙම ලොරි රථය මන්ත්‍රීවරයාගේ නිවසට ඉහළින් ඇති මාර්ගයේ නවතා තබා තිබියදී එකවර නිවස දෙසට ධාවනය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලීසිය පරීක්ෂණ සිදු කරනවා.