පාඨලී චම්පික රණවක ඉන්දියාවේ සංචාරයක

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක (11) රාත්‍රියේ ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඉන්දියාවේ මිසෝරාම් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයේ (Mizoram University) ආරාධනය මත ඔහු මෙලෙස ඉන්දියාවට ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

පරිසරය හා තිරසර සංවර්ධනය පිළිබඳ විද්වත් සමුළුවේ සමාරම්භක දේශනය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක විසින් පැවැත්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.