නිවැරදි අපේක්ෂකයන් තෝරා ගන්නා හැටි ගැන ‘මාර්තු 12 ව්‍යාපාරය’ ජනතාව දැනුවත් කරයි

ඉදිරි ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී තෝරා පත් කර ගත යුතු අපේක්ෂකයන් සම්බන්ධයෙන් ජනතාව වැඩි අවදානයක් යොමු කළ යුතු බව ‘මාර්තු 12’ ව්‍යාපාරය පවසනවා.

ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා (12) දිනයේ දිස්ත්‍රික්ක මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කරන බවයි එහි කැඳවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ.

රටේ දේශපාලන සංස්කෘතිය සහ ආර්ථික අර්බුදය වෙනස් කිරීම සඳහා සුදුසු පාලකයින් තෝරා ගැනීමේදී රටේ පුරවැසියාට සුවිශාල වගකීමක් පැවරෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.