තැපැල් වර්ජනයෙන් භාණ්ඩ ලක්ෂ 17ක් ගොඩ ගැසෙයි

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් (11) ක්‍රියාත්මක කළ පැය 24 සංකේත වැඩ වර්ජනය අවසන් කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසනවා.

වර්ජනය හේතුවෙන් තැපැල් භාණ්ඩ ලක්ෂ 17කට අධික ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ඒ අනුව අදාළ තැපැල් භාණ්ඩ අදාළ තැපැල් කාර්යාලවලට බෙදාහැරීම මේ වන විට ආරම්භ කර ඇති බවත්, අප්‍රේල් මස 01 වනදා වන විට අදාළ විදුලි සෝපානය අලුත්වැඩියා නොකළහොත් යළිත් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා එළැඹීමට සිදුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.