අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධවල සහ වංචාවල වර්ධනයක්

අන්තර්ජාලය ඔස්සේ සිදුවන අපරාධවල වර්ධනයක් නිරීක්ෂණය වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

වසරේ ගත වූ කාලසීමාව තුළ පරිගණක වංචා 423ක් වාර්තා වී ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුකොල සඳහන් කළේ.

ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් රැකියා ලබාදෙන මුවාවෙන් සිදුවන වංචා, ක්‍රිප්ටො-කරන්සි හරහා සිදුවුණ වංචා, පිරමීඩ වංචා ප්‍රධාන වශයෙන් වාර්තා වී ඇති බවයි ඔහු සඳහන් කළේ.

අන්තර්ජාලය ඔස්සේ සිදුවන පරිගණක අපරාධ ද වාර්තා වී ඇති අතර, තමන්ගේ නිරුවත් ඡායාරූප මුදාහරින බවට තර්ජනය කරමින් සිදුවුණ සිදුවීම් 775 ක් 2023 වසරේ වාර්තා වී තිබෙනවා.