මුහුදුබඩ දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට

කොම්පඤ්ඤ වීදියේ දුම්රිය ස්ථානය අසල මහල් නිවාස සංකීර්ණයක තාප්පයක් ඉවත් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් යම් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ අනුව දුම්රිය සේවකයින්ට ප්‍රදේශවාසීන් කළ පහරදීමක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබුණා.

කෙසේ නමුත් මේ වන විට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්ව තිබෙනවා.