2023 සා/පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනීම ඇරඹේ

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් පරීක්ෂකවරුන්ගේ අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව අදාළ අයදුම්පත් මේ මස 22 වනදා දක්වා ඉදිරිපත් කළ හැකි බවයි දැක්වෙන්නේ.

www.onlineexams.gov.lk/eic ඔස්සේ එම අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.