මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම බල රහිත කිරීමට පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් ගෙන එනවා – උදය ගම්මන්පිල

මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම බල රහිත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකු පනත සංශෝධනය කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඒ අනුව අනාගයේ මෙවැනි ක්‍රියා සිදුවීම වැළැක්වීමටද මෙමගින් අපේක්ෂා කරන බවයි (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ වන විට අදාළ කෙටුම්පත සිංහල, ඉංග්‍රීසි, දෙමළ යන භාෂා ත්‍රිත්වයෙන්ම සකස් කර ඇති බවත්, මෙම සතිය තුළ එම කෙටුම්පත පාර්ලිමේන්තු මහ ලේකම්වරියට භාරදෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

මහැ බැංකු නිලධාරීන්ට චෝදනා කළ සෑම මන්ත්‍රීවරයෙක්ම මෙම කෙටුම්පත සඳහා සහයෝගය ලබාදෙනු ඇති බවට බලාපොරොත්තු වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් සඳහන් කළේ.