මගේ තාත්තාවත් විපක්ෂයේ ඉඳන් මෙහෙම වැඩ කරලා නැහැ – සජිත්

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසවත් විපක්ෂයේ සිටියදී තමා මෙන් වැඩ කටයුතු සිදුකර නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂයේ සිටිමින් සමගි ජන බලවේගය බස් රථ සඳහා ලක්ෂ 4,092 ක මුදලක් පාසල් පද්ධතියට ආයෝජනය කර ඇති බවත්, තම පියාවත් එවැනි දෙයක් සිදුකර නොමැති බවයි ජන හමුවක් අමතිමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

රටක් දියුණු වන්නේ නම් එහි ප්‍රධාන දර්ශකය වන්නේ රටේ ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වය බවත්, කාන්තාවන් රටේ ආර්ථික වර්ධන ක්‍රියාවලියේ කොටස්කරුවන් බවට පත්කරගත යුතු බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ.