දිවයින පුරා තෝරාගත් රෝහල් ඉදිරිපිට අද විරෝධතා

දිවයින පුරා තෝරාගත් රෝහල් ඉදිරිපිට අද (12) උද්ඝෝෂණයේ නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසනවා.

ඒ අනුව අද දහවල් 12.00 ට අදාළ විරෝධතා ක්‍රියාත්මක කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

වැටුප් වැඩි කිරීම ප්‍රමාද වීම සහ තමන්ගේ කටයුතුවලට බාධා කරන සෞඛ්‍ය පරිපාලකයන්ට එරෙහිව පියවර නොගැනීම සම්බන්ධයෙන් මෙම විරෝධතා සංවිධානය කර තිබෙනවා.