ජනාධිපතිතුමාට නම් සට්ටම්බිරාලකම් කරන්න වෙලා තියෙන්නේ නාමල්ට, බැසිල්ට, මහින්දට – සුජීව සේනසිංහ

ජනාධිපතිවරයා (10) කුලියාපිටියේ ජනහමුව අමතන අවස්ථාවේදී හද පතුලෙන්ම කතා කිරීම නිසා වෛරයක් පිටවූ බවට පෙනෙන්නට තිබූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  සුජීව සේනසිංහ පවසනවා.

නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂට සට්ටම්බිරාලකම් සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිදුව ඇති බවයි (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

සමගි ජන බලවේගය ඉදිරි ජනාධිපතිවරණය සඳහා සන්ධානයක් නිර්මාණය කළහොත් එය ජනාධිපති රනිල් වික්‍රමසිංහට අභියෝගයක් වනු ඇති බව ඔහු පෙන්වා දුන්නා.

කෙසේනමුත් ජනාධිපතිවරයාගේ රැළියේදී ඔහු ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වන බවට සඳහන් කරමින්, පාර්ලිමේන්තු මැතිවරණයද ජනමත වචාරණයක්ද යන්න ඇතිව තිබූ ව්‍යාකූල තත්ත්වය පසෙක තබා ජනාධිපතිවරණය පැවැත්වෙන බවට ප්‍රකාශ කළ බවයි හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.