මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ හිමිනමට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක දී භික්ෂුවකට වෙඩි තැබීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු ලෙස සැක කෙරෙන පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මො​ණරාගල හම්බේගමුව ප්‍රදේශයේ දී එම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

ජනවාරි 23 වනදා මෝටර් රථයකින් පැමිණි කණ්ඩායමක් ගම්පහ, මල්වතුහිරිපිටිය, කහටාන ගණාරාම විහාරස්ථානයේ වැඩ විසූ කලපලුවාවේ ධම්මරතන හිමිනමට වෙඩි තබා ඝාතනය කර පළා ගොස් තිබුණා.