මගේ කථාව වැරදි ආකාරයට අර්ථකථනය කිරීමට උත්සාහ කරනවා – හර්ෂ

තමන් කළ කතාවක් වැරදි ආකාරයට අර්ථකථනය කිරීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවකට විපක්ෂයේ පක්ෂ වලට ඉඩ දෙන ලෙස තමන් ඉල්ලූ බවට ආණ්ඩුව ප්‍රකාශ කළත් තමන් එවැනි ඉල්ලීමක් සිදු නොකළ බවයි ඔහු පවසන්නේ.

තමන් සඳහන් කළේ විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ජාත්‍යන්තර ණය හිමියන් සමග කරන සාකච්ඡා වලදී විපක්ෂය සම්බන්ධ කරගන්නා ලෙසට ඉල්ලීමක් කළ බවයි.

මූල්‍ය අරමුදල සහ විදේශීය ණය හිමියන් යනු කණ්ඩායම් දෙකක් බවත්, මූල්‍ය අරමුදලේ ගිවිසුම අත්සන් කර අවසන් බැවින් ඔවුන් සමග සාකච්චා කිරීමෙන් ඵලක් නොවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.