වංගෙඩිගල රක්ෂිත කලාපයේ නීත්‍යානුකූල අවසරයකින් තොරව කිසිදු ක්‍රියාකාර​කමක් සිදුකිරීම තහනම් කෙරේ

වංගෙඩිගල රක්ෂිත කලාපයේ නීත්‍යානුකූල අවසරයකින් තොරව කිසිදු ක්‍රියාකාර​කමක් සිදු කිරීම තහනම් බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව එම කලාපය තුලට ඇතුල්වීම සහ ඒ ආශ්‍රිතව ක​ඳවුරු බැදීම, ගිනි දැල්වීම, ප්‍රවර්ධන කටයුතු සිදුකිරීම, ශාක සහ සත්ත්ව ප්‍රජාවන්ට හානි වන කිසිදු ​ආකාරයක ක්‍රියාවක් හෝ වෙනත් යම් ඕනෑම ක්‍රියාවක් සිදු කිරීමට කිසිඳු නීතිමය හිමිකමක් නොපවතින බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

නීත්‍යානුකූල අවසරයකින් තොරව සිදුකරන ක්‍රියාවන් සදහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

news images news images news images