වගා ජලය විකුණන කතාව බොරු ඇමැති මහින්ද අමරවීර

ගොවි ජනතාවට වගා කටයුතු සඳහා නොමිලේ දෙන ජලය සඳහා ගාස්තුවක් අය කිරීමට හෝ ජලය පෞද්ගලීකරණයට රජය සූදානම් වන බවට ඇතැම් දේශපාලන පක්ෂ විසින් සිදු කරන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
මෙවැනි කිසිදු යෝජනාවක් රජයට මෙතෙක් ඉදිරිපත්ව නැති අතර, මේ සම්බන්ධව අවම වශයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට හෝ අමාත්‍ය මණ්ඩලයටවත් යෝජනාවක්වත් ඉදිරිපත් වී නැතැයිද ඇමැතිවරයා අවධාරණය කළේය. එසේ වුවද දේශපාලන වාසි තකා එක්තරා දේශපාලන පක්ෂයක ගොවි නියෝජිතයන් බව කියාගන්නා පිරිසක් ගොවි ජනතාව නොමඟ යැවීමට මේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බවද ඇමැතිවරයා සඳහන් කළේය.
(9) හදබිම අධිකාරියේ සංවිධානයෙන් හුංගම හාතාගල ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ආදායම් ඉහළ නැංවීම සඳහා පවුල් 200කට කුකුළු පැටවුන් බෙදා දීමේ වැඩ සටහනක් ආරම්භ කරමින් ඇමැතිවරයා මේ බැව් ප්‍රකාශ කළේය. මේ වැඩපිළිවෙළ යටතේ එක් පවුලකට කුකුළු පැටවුන් 20ක් බැගින් පිරිනැමීම අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු විය.