චීන සංචාරකයන් වැඩි කරන්න පුරාවිද්‍යාවෙන් වැඩපිළිවෙළක්

චීනයේ ෂියෑමෙන් විශ්වවිද්‍යාලය සමඟ මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව මෙරටට පැමිණෙන චීන සංචාරකයන් තවදුරටත් වර්ධනය කිරීමට සහ මෙරටින් හමු වී ඇති චීන පුරා වස්තුවල කාලය පිළිබඳ තව දුරටත් නිවැරදිව සොයා බැලීමේ සාකච්ඡාවක් ආරම්භ කෙරේ.
මේ පිළිබඳ පදනම සැකසීම සඳහා ෂියෑමෙන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් වන ලියු මියාඕ සහ ෂවු යැං පසුගියදා මෙරටට පැමිණ ඇති අතර, මේ වැඩසටහන් සඳහා ෂියෑමෙන් විශ්වවිද්‍යාලයෙන් අනුග්‍රහය ලැබෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ පැවසීය.