SL vs BAN 3rd T20 : ශ්‍රී ලංකාවට ලකුණු 28 ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරයේ පැවති තුන්වන හා අවසන් විස්සයි විස්ස තරගය ලකුණු 28 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 174 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 86 ක් හා දසුන් ශානක ලකුණු 19 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Taskin Ahmed කඩුලු 2 ක්, Rishad Hossain කඩුලු 2 ක් බිඳ හෙළිමට සමත් වුණා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම සිය පන්දුවාර 20  තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 146 ක් පමණයි.

පන්දු යැවීමේදී ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් නුවන් තුෂාර කඩුලු ත්‍රිත්වයක් සමඟින් කඩුලු 5 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තරග 2 ට එකක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ලකුණු පුවරුව පහතින්.

news images news images