මොස්කව් නුවරට ත්‍රස්ත ප්‍රහා­ර­යක අව­දා­න­මක් අමෙ­රි­කානු තානා­පති කාර්යා­ල­ය අනතුරු අඟවයි

අන්ත­වාදී කණ්ඩා­ය­මක් මොස්කව් නුව­රට ත්‍රස්ත ප්‍රහා­ර­යක් එල්ල කිරීමේ අව­දා­න­මක් ඇතැයි රුසි­යාවේ අමෙ­රි­කානු තානා­පති කාර්යා­ලය අන­තුරු අඟවා තිබේ. මේ අන­තුරු ඇඟ­වීම සිදු කර ඇත්තේ මොස්කව් නුවර පිහිටි යුදෙව් දේව­ස්ථා­න­ය­කට ප්‍රහා­ර­යක් එල්ල කිරී­මට ඇෆ්ග­නි­ස්තානු සම්භ­ව­යක් සහිත සුන්නි මුස්ලිම් ත්‍රස්ත­වා­දි­යකු සිර­මැ­දි­රි­යක සිට කරනු ලැබූ සැල­සු­මක් රුසි­යානු හමු­දාව විසින් ව්‍යර්ථ කිරී­මෙන් පසු­වය.

මොස්කව් නුවර අමෙ­රි­කානු තානා­පති කාර්යා­ලය එම ප්‍රහා­රයේ ස්වභා­වය පිළි­බඳ වැඩි­දු­රටත් තොර­තුරු සපයා නැති අතර, එරට සිටින අමෙ­රි­කා­නු­වන්ට වහා රටින් පිට­වන ලෙස ඉල්ලී­මක් කර ඇතැයි ද වාර්තා වේ. අමෙ­රි­කානු වැසි­යන් මොස්කව් නුවර ඉදිරි පැය 48 ඇතු­ළත ජන­තාව ඒක­රාශී වන කිසිදු ස්ථාන­යක ගැව­සී­මෙන් වළ­කින ලෙසත්, විවිධ උත්සව සහ ආග­මික පූජා­වන් සඳහා සහ­භාගි වීමෙන් වළ­කින ලෙසත් සිය පුර­වැ­සි­යන්ට මොස්කව් හි අමෙ­රි­කානු තානා­පති කාර්යා­ලය මගින් වැඩි­දු­ර­ටත් උප­දෙස් දී ඇතැයි වාර්තා වේ.