මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වැල්ලවත්ත දුම්රිය ස්ථානය දක්වා වූ කොටසේ එක් දුම්රිය මාර්ගයක ගමනාගමනය සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ (09) (10) සහ (11) යන තෙදින තුළ මෙම සීමා ක්‍රියාත්මක වන බවයි.