ජනපති අදත් එස්.එස්.සී පිටියට

කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර කොළඹ එස්.එස්.සී පිටියේ දී පැවති නිල් මහ සටන ක්‍රිකට් තරගයේ අවසන් දිනය වන (09) දින ද තරගය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්විය.

ක්‍රීඩාංගණයේ ඇවිද යමින් ක්‍රීඩකයන් දිරිමත් කළ ජනාධිපතිවරයා ක්‍රිඩාංගණය වෙත පැමිණ සිටි සිසුන් සමඟ ද සුහද කථා බහක නිරත විය.

අනතුරුව තරගය නැරඹීමට පැමිණ සිටි පිරිස අතරට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔවුන් සමඟ ද සුහද කථා බහක නිරත වෙමින් විවේකීව ටික වේලාවක් ගත කළේය.

රාජකීය විද්‍යාලයේ සහ ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි සිසුන් වන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, හිටපු අමාත්‍යවරුන් වන රවී කරුණානායක, හර්ෂ ද සිල්වා, මහින්දානන්ද අළුත්ගමගේ යන මහත්වරු සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, නීතිපති සංජය රාජරත්නම් යන මහත්වරු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.