කාන්තාවන් 40% ක් සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත්වී ඇති බවට අනාවරණයක්

පවතින ආර්ථික අර්බුදයත් සමග මෙරට වයස අවුරුදු 15ත් 47ත් අතර කාන්තාවන්ගෙන් 40% ක් පමණ කාන්තා සනීපාරක්ෂක තුවා භාවිතයෙන් ඉවත්වී ඇති බවට පවුල් පාලනය පිළිබඳ සිවිල් සංවිධානය සිදුකළ සමීක්ෂණයකින් අනාවරණ​ය වී තිබෙනවා.

මේ වනවිට දේශීය නිශ්පාදන වල මිල ගණන් 90% කින් පමණද ආනයනික නිෂ්පාදන වල මිල ගණන් 30% කින් පමණද මිල ඉහළ නංවා ඇති බවයි එම සංවිධානයේ පරීක්ෂක විශ්ලේෂක සත්සරණි සිරිවර්ධන සඳහන් කරන්නේ.

එමෙන්​ම වර්තමානයේ ආනයනි​ක සනීපාරක්ෂක තුවා සඳහා 51.07% ක බදු පනවා ඇති බවත් එමගින් රජයට ලැබෙන ආදායම රුපියල් මිලියන 37 ක් වන බවත් එය මුළු බදු ආදායමෙන් 0.0021% ක ප්‍රතිශතයක් පමණක් වන බවයි ඇය පෙන්වා දෙන්නේ.

එය කිසිසේත්ම සැලකිය යුතු බදු ආදායමක් නොවූවත් එය මගින් කාන්තාවන්ගේ ජීව විද්‍යාත්මක චක්‍රයට විශාල බලපෑමක් සිදුකරන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ.