ලියා­ප­දිංචි නැති ආග­මික මධ්‍ය­ස්ථාන වැට­ලී­මට පිය­වර ගන්න

ජන­තාව අන්‍යා­ග­ම්ක­ර­ණ­යට ලක් කරන ලියා­ප­දිංචි නොවන ආග­මික මධ්‍ය­ස්ථාන වැට­ලී­මට තීර­ණය කර තිබේ.

ලියා­ප­දිංචි නොවන ආග­මික මධ්‍ය­ස්ථාන හරහා ජන­තාව අන්‍යා­ග­ම්ක­ර­ණ­යට ලක් කිරීම වළ­ක්වා­ලීම සඳහා එම මධ්‍ය­ස්ථාන වැට­ලී­මට කට­යුතු කරන ලෙස ඉල්ලා පොලි­ස්ප­ති­ව­ර­යාට ලිපි­යක් යොමු කරන ලෙස, බුද්ධ­ශා­සන ආග­මික හා සංස්කෘ­තික කට­යුතු ඇමැති විදුර වික්‍ර­ම­නා­යක බෞද්ධ කට­යුතු කොම­සා­රිස් ජන­රා­ල්ව­ර­යාට උප­දෙස් දුන්නේය. ශ්‍රී ලංකාවේ සංඝ නිකාය පාර්ශ්ව­යන්හි ලේඛ­කා­ධි­කාරී නායක ස්වාමීන් වහන්සේ සමඟ අමා­ත්‍යාං­ශ­යේදී පැවති සාක­ච්ඡා­ව­කදී ඇමැ­ති­ව­රයා මේ බව සඳ­හන් කළේ ය.

ආග­මික සිද්ධ­ස්ථාන හා භික්ෂූන් වහන්සේ සම්බන්ධ ගැටලු, ආග­මික විකෘ­තිතා සම්බ­න්ධ­යෙන් ඉදි­රි­යේදී ගත යුතු පිය­වර සම්බ­න්ධ­යෙන්ද මහා සංඝ­ර­ත්නය හා ඇමැති විදුර වික්‍ර­ම­නා­යක අතර මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. එමෙන්ම ගුවන් ගමන් බල­ප­ත්‍රයේ හා ජාතික හැඳු­නු­ම්ප­තෙහි භික්ෂූන් වහන්සේ හා සිල් මෑණි­යන් වහ­න්සේගේ නාම­යන් ඇතු­ළත් කිරී­මේදී භික්ෂූන් වහන්සේ සඳහා Venerable ලෙසත් සිල් මෑණි­යන් වහන්සේ සඳහා Reverend ලෙසත් යෙදී­මට එහිදී තීර­ණය කෙරිණි.