අනුර කුමාර දිසානායක හා ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති Andrés Marcelo Garrido සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් සිදුව තිබෙනවා.

මෙහිදී දීර්ඝ කාලයක් තිස්සේ කියුබාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවත්වාගෙන ආ දේශපාලන සම්බන්ධතාවය පිළිබඳවත්, වර්තමානයේ ජාතික ජන බලවේගයේ දේශපාලන කටයුතු සම්බන්ධයෙනුත් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් වූ බවයි එම පක්ෂය සඳහන් කළේ.

දීර්ඝ කාලයක් තිස්සේ කියුබාවට පනවා ඇති සම්බාධක සම්බන්ධයෙනුත්, මේ වනවිට කියුබාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සෘජු සම්බන්ධතාත්, ඒවායේ ප්‍රගතිය සහ ගැටලු සහගත තැන් පිළිබඳවත් තානාපතිවරයා මෙහිදී අනුර දිසානායක මන්ත්‍රීවරයා දැනුවත් කර තිබෙනවා.

news images news images