හර­ක්කටා එළි­යට ගන්න අනු­බල දුන්නැයි සැක සැර­යන්ගේ වැඩ තහ­නම්

රැඳ­වුම් නියෝග මත අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ රඳවා සිටින සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වකු සහ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වකු වන නඳුන් චින්තක වික්‍ර­ම­රත්න නොහොත් හරක් කටා නමැ­ත්තාට පලා­යෑ­මට ආධාර අනු­බල දුන් බවට චෝදනා එල්ල වීමෙන් අන­තු­රුව ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය මගින් අත්අ­ඩං­ගු­වට ගත් පොලිස් සැර­යන්ගේ රාජ­කාරි වැඩ තහ­නම් කර ඇතැයි පොලිස් මූල­ස්ථා­නය සඳ­හන් කරයි.

මෙලෙස වැඩ තහ­න­මට ලක් කර ඇත්තේ මාතර කොට්ඨාස අප­රාධ විම­ර්ශන අංශ­යට අනු­යුක්ත සේවය කළ පොලිස් සැර­යන් 60656 ජේ.වී.ජේ.එස්. නිහාල් නමැති නිල­ධා­රි­යා­ගේය.

හරක් කටා නමැත්තා පොලිස් කොස්තා­ප­ල්ව­ර­ය­කුගේ උප­කාර මත පලා­යෑ­මට සැල­සුම් කිරීම සම්බ­න්ධ­යෙන් පොලි­ස්ප­ති­ව­ර­යාගේ නියෝග හා උප­දෙස් මත ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය මඟින් විම­ර්ශන සිදු කරන අත­ර­වා­ර­යේදී ඒ සඳහා සූදා­නම් කර තිබූ යතු­රු­පැ­දිය සහ ආර­ක්ෂක හිස් වැස්මක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පරි­ශ්‍රයේ තිබී සොයා­ගැ­නී­මට හැකි විය.

ඒ සම්බ­න්ධ­යෙන් කළ දීර්ඝ විම­ර්ශ­න­යේදී එම ආර­ක්ෂක හිස්වැස්ම හා යතු­රු­පැ­දිය ගෙන ඒම සඳහා සුද්දා නමැති පුද්ග­ල­යකු සම්බ­න්ධ­යෙන් තොර­තුරු අනා­ව­ර­ණය වී තිබිණි.

සැක­කරු සම්බ­න්ධ­යෙන් සොයා බැලී­මේදී ඔහු පදිංචි ස්ථාන­යන් මඟ­හැර ගොස් තිබූ බවද වැඩි­දු­ර­ටත් අනා­ව­ර­ණය විය. එම සැක­කරු අත්අ­ඩං­ගු­වට ගත් පොලිස් සැර­ය­න්ව­රයා සමඟ සම්බ­න්ධතා පවත්වා ඇති බවට විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත.

ඊට අම­ත­රව එම සැර­ය­න්ව­රයා නඳුන් චින්තක වික්‍ර­ම­රත්න නොහොත් හරක් කටා යන සැක­ක­රුට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් පැන­යෑමේ සිද්ධිය විදේ­ශ­ග­තව සිට මෙහෙ­ය­වනු ලැබූ ජය­සේ­කර විතා­නගේ රුවන් චාමර නොහොත් මිදි­ගම රුවන් නමැත්තා සම­ගද වට්සැප් තාක්ෂ­ණය ඔස්සේ සම්බන්ධ වෙමින් කට­යුතු කර ඇති බව­ටද වැඩි­දු­ර­ටත් අනා­ව­ර­ණය වී තිබිණි. ඉහත විෂ­මා­චාර ක්‍රියාව හේතු­වෙන් මෙමස 6 දින සිට මාතර එක ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­රයා විසින් සැක­ක­රුගේ වැඩ තහ­නම් කර ඇත.