සතොස මිල පහ­ළට කිරි­පිටි රු.935/=යි සුදු කැකුළු 195/=යි සුදු සීනි 270/=යි

අත්‍ය­වශ්‍ය භාණ්ඩ කිහි­ප­යක මිල (8) සිට පහළ දැමී­මට ලංකා සතොස ආය­ත­නය පිය­වර ගෙන තිබේ.

මෙලෙස මිල පහළ දමා ඇත්තේ කිරි­පිටි, වියළි මිරිස්, සුදු කැකුළු සහ සුදු සීනි යන භාණ්ඩ­වල වේ. රුපි­යල් 1060ට තිබූ ලංකා සතොස කිරි­පිටි රුපි­යල් 935ක් ලෙස රුපි­යල් 125කින් පහළ දමා ඇති අතර, වියළි මිරිස් කිලෝව රු. 1,175ක් වන ලෙස රු. 15කින්ද, සුදු කැකුළු කිලෝව රු. 195ක් වන ලෙස රු. 5කින්ද, සුදු සීනි කිලෝව රු. 270ක් වන ලෙස රු. 3කින්ද අඩු කර තිබේ.