මහව අධ්‍යාපන කලාපයට අයත් නිකවැව දේවානම්පිය තිස්ස මධ්‍ය විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරයේ වහලයේ සිවිලිම කඩාවැටීමෙන් සිසුන්ට වීමට තිබුණු මහා විනාශයක් අනූනවයෙන් වැළකුණු බව විදුහල්පති ආර්.එම්. සුනිල් බණ්ඩාර පැවසීය.
2015 වසරේදී ඉදි කළ ගොඩනැඟිල්ල ගරාවැටෙමින් ඇති බවත්, එහි සිවිලිම පිටතින් ස්ථාන දෙකකින් කඩාවැටුණු අතර, පාසලට ළමයින් එන්න පෙර එය වැටුණු බැවින් ළමයින්ට අනතුරක් නොවුණු බවත් විදුහල්පතිවරයා කීය.
“ප්‍රධාන පිවිසුම් දොරටුවේ අකුළන දොර කැඩිලා. ඒක දැන් අකුළන්න බැහැ; ලණු දාලා උඩ එල්ලලා තියෙන්නේ. ඒ වාගේම වහලයේ සිවිලිම. ඉතිරි ඒවාත් කොයි මොහොතේ හෝ කඩාවැටෙනවා. කොන්ත්‍රාත්කරුවන්ගේ හොර වැඩ දැන් තමයි එළියට එන්නේ. මේ තත්ත්වය හමුවේ තාක්ෂණගාරය වැහුවා. කාටවත් ළඟටවත් යන්න බැරි වන ලෙස පිටතින් ලණු දාලා ආවරණය කර, තහනම් කලාපයක් බවට පත් කෙරුවා. සිද්ධිය මහව කලාපයටත් දැනුම් දුන්නා.”
මහව කලාප අධ්‍යාපන අධ්යක්ෂ ආර්.එම්.එම්. අලි ජින්නා මේ සම්බන්ධයෙන් පැවසුවේ
මෙය පමණක් නොව, මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර රැසක් දැන් අබලන් බවයි. මේවා ගැන පළාත් කාර්යාල හරහා අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දුන් බවත්, ඒ අනුමැතිය ලැබෙන තෙක් ඒවා යථා තත්ත්වයට පත් කිරීමට තමන්ට බලයක් නැති බවද ඔහු කීය.