ඒඩ්න් වරා­යට ඔබ්බෙන් ප්‍රහා­ර­යට ලක් වූ නැවේ ශ්‍රී ලාංකි­කයෝ දෙදෙනා බේරා­ගැ­නෙති

යේම­නයේ ඒඩ්න් වරා­යට ඔබ්බෙන් මුහු­දේදී ප්‍රහා­ර­යට ලක් වූ භාණ්ඩ ප්‍රවා­හන නෞකාවේ සිටි ශ්‍රී ලාංකි­ක­යන් දෙදෙනා බේරා­ගැ­නී­මට සමත්ව තිබේ.

මිස­යිල ප්‍රහා­ර­යට ලක් වූ භාණ්ඩ ප්‍රවා­හන නෞකාවේ ආර­ක්ෂ­ක­යන් ලෙස සේවය කළ ශ්‍රී ලාංකි­ක­යන් දෙදෙනා මෙලෙස බේරා­ගෙන තිබෙන අතර, මේ යාත්‍රාව යේම­නයේ ඒඩන් වරා­යට නාවික සැත­පුම් 50ක් ඔබ්බෙන් ගල්ෆ් මුහු­දේදී ගමන් කර­මින් තිබි­යදී මිස­යිල ප්‍රහා­ර­ය­කට ලක්ව ඇත. තහ­වුරු කරන ලද වාර්තා­ව­ලට අනුව, කාර්ය මණ්ඩල සාමා­ජි­ක­යන් තිදෙ­නකු (පිලි­පීන සහ විය­ට්නාම ජාති­ක­යන්) මිය­ගොස් ඇති අතර, තුවාල ලැබූ­වන් අතර ශ්‍රී ලාංකික ආර­ක්ෂ­ක­යන් දෙදෙ­න­කු­ගෙන් එක් අයෙක් වෙයි. අන­තු­රට පත් ශ්‍රී ලාංකි­කයා ඇතුළු තුවා­ල­ක­රු­වන් සහ සෙසු කාර්ය මණ්ඩල සාමා­ජි­ක­යන් අන­තු­රට පත් නෞකා­වෙන් ජිබුටි වෙත රැගෙන ගොස් තිබෙන බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පව­සයි.

ජිබු­ටිහි ප්‍රතී­ත­නය ලත් ඉති­යෝ­පි­යාවේ අඩිස් අබා­බාහි ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය, තුවාල ලැබූ ශ්‍රී ලාංකි­ක­යාගේ වෛද්‍ය ප්‍රති­කාර සඳහා සහ අනෙ­කුත් ශ්‍රී ලංකා කාර්ය මණ්ඩල සාමා­ජි­ක­යාට ආර­ක්ෂි­තව රැඳී සිටී­මට පහ­සු­කම් සැල­සීම සඳහා ජිබු­ටිහි අදාළ බල­ධා­රීන් සමඟ සම්බ­න්ධව සිටින බවද විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය සහ අඩිස් අබා­බාහි තානා­පති කාර්යා­ලය මේ වන විට තත්ත්වය සමී­පව නිරී­ක්ෂ­ණය කර­මින් සිටින අතර, ශ්‍රී ලාංකි­ක­යන් කඩි­න­මින් ආපසු ගෙන්වා­ගැ­නී­මට අවශ්‍ය පිය­වර ගන්නා බවද කියා සිටී.