නික­වැව මැදි විදු­හලේ සිවි­ල­මක් බිම සිසුවෝ නූලෙන් බේරෙති

මහව අධ්‍යා­පන කලා­ප­යට අයත් නික­වැව දේවා­න­ම්පිය තිස්ස මධ්‍ය විද්‍යා­ලයේ මහි­න්දෝ­දය තාක්ෂණ විද්‍යා­ගා­රයේ වහ­ලයේ සිවි­ලිම කඩා­වැ­ටී­මෙන් සිසුන්ට වීමට තිබුණු මහා විනා­ශ­යක් අනූ­න­ව­යෙන් වැළ­කුණු බව විදු­හ­ල්පති ආර්.එම්. සුනිල් බණ්ඩාර පැව­සීය.

2015 වස­රේදී ඉදි කළ ගොඩ­නැ­ඟිල්ල ගරා­වැ­ටෙ­මින් ඇති බවත්, එහි සිවි­ලිම පිට­තින් ස්ථාන දෙක­කින් කඩා­වැ­ටුණු අතර, පාස­ලට ළම­යින් එන්න පෙර එය වැටුණු බැවින් ළම­යින්ට අන­තු­රක් නොවුණු බවත් විදු­හ­ල්ප­ති­ව­රයා කීය.

“ප්‍රධාන පිවි­සුම් දොර­ටුවේ අකු­ළන දොර කැඩිලා. ඒක දැන් අකු­ළන්න බැහැ; ලණු දාලා උඩ එල්ලලා තියෙන්නේ. ඒ වාගේම වහ­ලයේ සිවි­ලිම. ඉතිරි ඒවාත් කොයි මොහොතේ හෝ කඩා­වැ­ටෙ­නවා. කොන්ත්‍රා­ත්ක­රු­වන්ගේ හොර වැඩ දැන් තමයි එළි­යට එන්නේ. මේ තත්ත්වය හමුවේ තාක්ෂ­ණ­ගා­රය වැහුවා. කාට­වත් ළඟ­ට­වත් යන්න බැරි වන ලෙස පිට­තින් ලණු දාලා ආව­ර­ණය කර, තහ­නම් කලා­ප­යක් බවට පත් කෙරුවා. සිද්ධිය මහව කලා­ප­ය­ටත් දැනුම් දුන්නා.”

මහව කලාප අධ්‍යා­පන අධ්‍යක්ෂ ආර්.එම්.එම්. අලි ජින්නා මේ සම්බ­න්ධ­යෙන් පැව­සුවේ

මෙය පම­ණක් නොව, මහි­න්දෝ­දය තාක්ෂණ විද්‍යා­ගාර රැසක් දැන් අබ­ලන් බවයි. මේවා ගැන පළාත් කාර්යාල හරහා අධ්‍යා­පන අමා­ත්‍යාං­ශ­යට දැනුම් දුන් බවත්, ඒ අනු­මැ­තිය ලැබෙන තෙක් ඒවා යථා තත්ත්ව­යට පත් කිරී­මට තමන්ට බල­යක් නැති බවද ඔහු කීය.