කාර්මික දෝෂ­යක් නිසා දියඹේ අත­රමං වූ කන්ද­කු­ලියේ ධීව­රයෝ නිරු­ප­ද්‍රි­තව ගොඩ­බි­මට

කන්ද­කු­ලි­යෙන් බිළී කොකු පන්නය සඳහා පසු­ගිය 6 දින දිය­ඹට ගොස් සිටි­යදී යාත්‍රාවේ එන්ජීමේ ඇති වූ කාර්මික දෝෂ­යක් හේතු­වෙන් මහ සයුර මැද අස­රණ වූ කන්ද­කු­ලිය ගම්මා­නයේ ධීව­රයෝ තිදෙනා නිරු­ප­ද්‍රි­තව ගොඩ බිමට ගෙන එනු ලැබූහ.

මෙලෙස අන­තු­රට පත්ව සිටියේ ඩබ්. නෙවිල් ඇන්ටනි, සුදේෂ් සුසන්ත හා ප්‍රසාද් නිරං­ජන් යන තිදෙ­නාය. තමන් ලැබූ අත්දැ­කීම නෙවිල් ඇන්ටනී මහතා විස්තර කළේ මෙලෙ­සිනි:

“අපි වැඩි­පුර යන්නේ ලෝන් (බිළී කොකු) රැකි­යා­වට. ඒ යන කොට ඉන්දීය මුහුදු සීමාව ආස­න්න­යට යනවා. ඒ කියන්නේ කන්ද­කු­ලිය වෙරළේ සිට මුහුදු සැත­පුම් 45 කට වැඩි­දු­රක් ඒ කියන්නේ. ඒ ඇවිත් අපි රස්සාව කරලා ආපු දව­සේම රාත්‍රියේ ආපසු යනවා. හැබැයි 6 දා අපි ඇවිත් බිළී කොකු දාලා මාළු ඇල්ලුවා. මාළු කිලෝ 700ක් විතර අල්ලා­ගත්තා යන්න පිටත් වන විට එන්ජිම පණ­ග­න්වන්න බැරි වුණා. කොච්චර උත්සාහ කළත් එය බැරි වුණා අපි හොඳ­ටම බය වුණා. ඒ බව මගේ රස්සාව කරපු අවු­රුදු 18ක කාල­යක කව­දා­වත් ඇති වෙලා නැහැ. පස්සේ අල්ලා­ගත්ත මාළු සේරම ආපසු මුහු­දට විසි කළා කරන්න දෙයක් නැතිම තැන. එහෙත් අපි තුන්දෙ­නාම එකට ඉඳලා ගෙනල්ලා තිබුණ විශාල බෙට්ෂී­ට්ව­ලින් රුවල් හදලා යන තැන­කට යන්න සැලැ­ස්සුවා. ඒ වෙද්දි අපේ බහු­දින යාත්‍රා කිප­යක් ගියත් එයාලා අපිව අරන් යන්න කැමති වුණේ නැහැ.

“පස්සේ ඉන්දීය යාත්‍රා­වක ගිය පිරි­ස­කට අපි කෑග­හලා කියුවා. ඒ අය අපිට කන්න දීලා වතු­රත් දුන්නා. එයාලා කියුවා 7 වැනිදා දවල්ට එන්නම් කියලා. ඒත් ආවේ නැහැ. 7 වැනිදා දවල් තවත් ඉන්දීය යාත්‍රා­වක් ළඟින් යද්දි අපි කෑග­හලා උදවු ඉල්ල­පු­ව­හම ළඟට ඇවිත් කන්න බොන්න දීලා අපිව එයා­ලාගේ යාත්‍රා­වෙන් ඇද­ගෙන ගියා. පස්සේ 8 වැනිදා උදේ වෙන කොට අපව හොයා ගෙන අපේ මුද­ලා­ලිගේ අනිත් යාත්‍රා දෙකක් ආවා ඒ ඇවිත් තමා අපව ගොඩට ගෙන ආවේ” යැයි පව­ස­න්නට විය.

මේ ධීව­ර­යන් මසුන් මැරී­මට ගිය යාත්‍රාවේ හිමි­කරු වන දීපාල් නිලන්ත මහතා මෙසේ පැව­සීය: “මට යාත්‍රා හයක් තිබෙ­නවා. එයින් එකක් තමා විහාරා දුව, හංසිළු පුතා යාත්‍රාව එය 6 වැනිදා ගිහාම රාත්‍රියේ ආවේ නැහැ. මම හිතුවේ 7 පාන්දර එයි කියලා. ඒත් ආවෙ නැහැ. පස්සේ මම හොඳ­ටම බය වුණා යාත්‍රාවේ හිටපු අයගේ පවු­ල්වල අයත් හොඳ­ටම බය වෙලා තිබුණේ. මම කල්පි­ටිය පොලි­සි­යට පැමි­ණි­ල්ලක් දැම්මා දාලා 7 වැනිදා රාත්‍රි­යෙම මේ පිරිස සොයන්න මගේ තවත් යාත්‍රා තුනක් 40 එන්ජින් දාලා දිය­ඹට යැවුවා. ඒ යාත්‍රා­ව­ලට තවත් අම­තර 40 එන්ජින් තුනක් දාලා තමයි යැවුවේ. පස්සේ මට 8 වැනිදා දවල් ආරංචි වුණා අපේ පිරිස හමු වුණා කියලා. ඇත්ත­මට මට යාත්‍රාව නැති වුණත් කමක් නැහැ මිනිස්සු ලැබුන එක. මට රස්සා කරන මිනිස්සු හොඳින් හිටි­යොත් තමා මට ජීවත් වෙලා ඒ අයට සල­කන්න පුළු­වන්” යැයි ඔහු පව­ස­න්නට විය.

මේ යාත්‍රාවේ රැකි­යා­වට ගිය නෙවිල් ඇන්ට­නිගේ බිරිය පැව­සුවේ ජීවි­තයේ තමා මුහුණ දුන් භයා­න­කම සිදු­වීම මෙය බවයි. ඇය මෙසේ පව­සන්න වූවාය: “6 වැනිදා හවස නෙවිල් රස්සා­වට ගියෙ වැනිදා ගියාම රෑ 12 විතර වෙද්දි එනවා. ඒත් පහු­ව­දාත් ආවේ නැහැ. මම හොඳ­ටම බය වුණා. ඒ නිසා මුද­ලා­ලිට කිය­පු­ව­හම ‘පුතේ බය වෙන්න එපා, අපි කොහොම හරි හොයා­ගෙන එනවා, පුතා බය නැතිව ඉන්න,‘ කියලා මාව සැන­සුවා. එත් මට පුදුම බයක් ඇති වුණා. මම ජේසුට යාච්ඤා කළා අනේ ජේසුනේ එයාලා හොඳින් ගෙනත් දෙන්න කියලා. අනේ එයාලා හොඳින් ගෙනත් දුන්නා” යැයි ඇය දහ­වතේ දැඩි භක්ති­යෙන් යුතුව කීවාය.