ඉන්දීය මහකොමසාරිස් එච්. ඊ. සෙන්තෝෂ් ජේ. (07) විශේෂ ආගමික වතාවත් සිදු කිරීමට රුහුණු කතරගම මහා දේවාලය වෙත පැමිණියේය.
පළමුව කිරිවෙහෙර වැඳ පුදාගෙන අනතුරුව කතරගම මහා දේවාලයට පැමිණි කොමසාරිස්වරයා, පලතුරු පූජා වට්ටියක් තබා දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගත්තේය.
ඉන්පසු රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස හිමියන්ද බැහැදැක තේවානි අම්මා මඩම වෙත ද ගොස් එහි සිටින ඉන්දීය ජාතික සාමිවරුන්ගේ සුවදුක් විමසීමට කොමසාරිස්වරයා ක්‍රියා කළේය.
අනතුරුව රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ නිල නිවසට පැමිණ කතරගම දේවාලය මඟින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකරන ළමා වට්ටු සංකිර්ණයට රුපියල් 50000ක මුදල් පරිත්‍යාගයක් ද පිරිනැමීය.
හම්බන්තොට ඉන්දීය කොන්සල් ජනරාල් හර්වින්දර් සිංද මේ අවස්ථාවට එක්වූ අතර, රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර විසින් මේ වැඩසටහන සංවිධාන කර තිබේ.