විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණවල වර්ධනයක්

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විසින් 2024 පෙබරවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 476.2ක මුදලක් මෙරටට එවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එසේම එම මාසයේදී ශ්‍රී ලංකාව සංචාරකයින් මගින් අමෙරිකානු ඩොලර් මිලියන 345.7ක් උපයා ඇති බවයි මහ බැංකුව පවසන්නේ.

එය 2023 පෙබරවාරි මාසයට සාපේක්ෂව පිළිවෙළින් 16.88% සහ 113.92% වර්ධනයක් බවයි මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ.