රාජකීය – ශාන්ත තෝමස් 145 වැනි නිල් මහා සටනේ පළමු දිනය අවසන්

කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර නිල් මහ සටන ක්‍රිකට් තරගයේ පළමු දිනය (07) අවසන් වුණා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය පන්දුවාර 89 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 297 ක් ලබා ගත්තා.

පන්දුව‌ට පහරදීමේදී Sadew Soyza ලකුණු 83 ක්, Dineth Gunawardena ලකුණු 50 ක්, Nathan Caldera ලකුණු 44 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් Ramiru Perera කඩුලු 4 ක්, Sineth Jayawardena 4 ක් බිඳ හෙළීමට සමත් වුණා.