රම්‍යා වනිගසේකර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවී​ණ ගුවන් විදුලි නිවේදිකාවක, චරිතාංග රංගන ශිල්පිනියක මෙන්ම හඬ කැවීම් ශිල්පිනියක වන රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 73 වන වියේ පසු වුණා.

1974 වසරේදී ‘හේවායෝ’ වේදිකා නාට්‍යයෙන් වේදිකා පසුබිම් ගායිකාවක් ලෙස ක්ෂේත්‍රයට පිවිසෙන ඇය 1978 දී චූලා කාරියවසම් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘මන රංජන වෙද වර්ජන’ නාට්‍යයේ “ගුණවතී” චරිතය හරහා වේදිකා නාට්‍ය කළාවේ පෙරළියක් සිදු කිරීමට සමත් වුණා.

ඇය අහසින් වැටෙන මිනිසුන් (1971), ඉඩම (1975), ජේලර් උන්නැහේ (1986), දූවිලි (1990) සහ රජ කතාව (1991) යන නාට්‍යවල රඟපෑ අතර පසුව සඳ කිඳුරි, මුහුදු පුත්තු, මා හේනේ රීරි යකා, ලියතඹරා, සිරි සඟබෝ සහ හිරු නැති ලොව ඇතුළු ජනප්‍රිය නාට්‍ය රැසකට මෙන්ම ටෙලිනාට්‍ය ගණනාවක​ට සිය රංගන දායකත්වය ලබාදුන්නා.

ඇ​ය අඛණ්ඩව වසර 41ක් කැලණි පාලමේ “මැටිල්ඩා” චරිතය රඟපෑම විශේෂත්වයක්.