ඉහළ ධනවතුන් සිය දෙනෙකුට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය

ඉහළ ධනවත් පුද්ගලයින් 100 දෙනෙකු වෙත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු කර ඇති බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.සේපාලිකා චන්ද්‍රසේකර පවසනවා.

එම ඉහළ ධනවතුන් 100 දෙනාගේ ආදායම්, වත්කම් හා වාර්තා ගොනු කිරීමේ ඉතිහාසය ගැඹුරින් සමාලෝචනය කරන බවත්,  ඔවුන් සම්බන්ධයෙන් ඉතා සමීපව අධ්‍යයනය කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

මෙම කටයුතු සඳහා ඉහළ ධනවත් පුද්ගල අංශය නමින් විශේෂ අංශයක් සකස් කර විමර්ශන කටයුතු සඳහා විශේෂඥ කණ්ඩායමක් ද අනියුක්ත කර තිබෙන බවයි දැක්වෙන්නේ.

මෙමගින් ඉහළ වත්කම් ඇති පුද්ගලයින්ගේ වාර්තා යාවත්කාලීන කිරීම ‍මෙන්ම දෝෂ හා අඩුපාඩු හඳුනාගැනීමටද සැලසුම් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටිනවා.