ආයේ දීලා බලන්න දෙයක් නෑ කාටවත්, රට කරන්න පුළුවන් රනිල්ට විතරයි – මනූෂ

වසර එකහමාරක කාලයක් තුළ රට ගොඩ නගා පෙන්වන ලද නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

නැවතත් වෙනත් පුද්ගලයෙකුට ඡන්දය ලබාදී පරික්ෂා කිරීමට දෙයක් නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙතෙක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හොඳින් වැඩ කටයුතු කළ බවත්, ඉතුරු ටික සිදු කර ගැනීමට හැකියාව ඇත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පමණක් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.