අන්තරේ කැඳවුම්කරුට ඇප

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් ඇප මත මුදාහැර තිබෙනවා.

(06) බොරැල්ලේදී පැවති විරෝධතාවක් අතරතුරදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව ඔහු (07) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙනවා.