වැඩ තහනමකට ලක්වූ දුම්රිය සේවකයින් යළි සේවයේ පිහිටුවයි

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක සිටි සංචාරකයින් දෙදෙනෙකුට දුම්රිය සේවකයින් පිරිසක් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වූ දුම්රිය සේවකයින් යළි සේවයේ පිහිටුවීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මූලික වාර්තාවක් කැඳවා කරුණු පරික්ෂා කිරීමෙන් අනතුරුව ඉදිරි විනය ක්‍රියාමාර්ගවලට යටත්ව ඔවුන් නැවත සේවයේ පිහිටුවා ඇති බවයි වාර්තා වෙන්නේ.

එම සංචාරකයින් දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍ර රැගෙන පළමු පන්තියේ ගමන් කර ඇති බවත්, පසුව ඔවුන්ට දුම්රියෙන් බසින ලෙස දැනුම් දුන්නත් එය ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන් දුම්රියෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවයි දුම්රිය ස්ථානාධිතිපතිවරුන්ගේ සංගමය සඳහන් කළේ