පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීම් දරණ නිලධාරින්ගේ ස්ථාන මාරු කිරීම් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවයි

පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීමක් දරන නිලධාරියෙකු මධ්‍යම රජයේ අනුරූපී තනතුරක් සඳහා ස්ථාන මාරු කිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඊට අදාළ චක්‍රලේඛය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනුම් දී ඇති බව සඳහන්.

කොන්දේසි කිහිපයකට යටත්ව පත්වීම් බලධාරියෙකු විසින් අදාළ ස්ථාන මාරුවීම් ලබාදීමට 2020 වර්ෂයේ දී රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා.

වහාම ක්‍රියාත්මක වන පරිදි එම චක්‍රලේඛය අවලංගු කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව කටයුතු කර ඇති බවයි වාර්තා වෙන්නේ.