කාන්තාවකට පහරදුන් බව කියන ආණ්ඩුකාරවරයාගේ පුත්‍රයා සොයා තවදුරටත් පොලිස් විමර්ශණ

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්ගේ පුත්‍රයෙක් බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බව පොලීසිය පවසනවා.

අදාළ පුද්ගලයා විසින් වැල්ලවත්ත ප්‍රදේශයේ මහල් නිවාසයකදී කාන්තාවකට පහරදීම නිසා එම කාන්තාව රෝහල්ගතකර ඇති බවට වැල්ලවත්ත පොලීසිය වෙත ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.

වරද සිදුකිරීම සඳහා ඔහු ගමන්කළ බවට සැක කරන රථය සහ ඔහුගේ ජංගම දුරකථනය දකුණු පළාතේ ස්ථානයක තබා පොලීසිය නොමග යවා ඇති බවද එම නිවේදනයෙන් වැඩිදුරටත් දැක්වෙනවා.

ආණ්ඩුකාරවරයාගේ පුත්‍රයා මේ වනවිට වෙනත් ප්‍රදේශයක සැඟව සිටින බවට සැකපළ කරන බවයි පොලිසීය පවසන්නේ.