අලී සබ්‍රි රහීම්ගේ පාර්ලිමේන්තු සේවය මාසයකට අත්හිටුවයි

රත්‍රං තොගයක් සමග කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන, පසුව දඩ ගෙවා නිදහස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සබ්‍රි රහීම්ට මාසයක් පාර්ලිමේන්තුව අත්හිටුවීමට තීරණය කර ඇති බව කථානායකවරයා දැනුම්දී තිබෙනවා.

ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කමිටුවේ නිර්දේශයක් මත (06) දින සිට මාසයක කාලයක් සඳහා එම අත්හිටුවීම ක්‍රියාත්මක වන බවයි කථානාකවරයා දැනුම් දුන්නේ.