SL vs BAN 2nd T20 : බංග්ලාදේශයට කඩුලු 8 ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ තරග සංචාරයේ පැවති දෙවන විස්සයි විස්ස තරගය කඩුලු 8 කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 165 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් ලකුණු 37 ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 36 ක් හා ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 32 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Taskin Ahmed, Mahedi Hasan, Mustafizur Rahman, Soumya Sarkar එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම 19 වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

ලකුණු පුවරුව පහතින්.

news images news images