IMF වැඩපිළිවෙල ගැන පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂ සමග සාකච්ඡා කර එකඟතාවයකට පැමිණිිය යුතුයි – හර්ෂ ද සිල්වා

ජනාධිපතිවරයා තවත් කොපමණ කලක් සිටී දැයි කිව නොහැකි බවත්, විපක්ෂ නායකවරයා යටතේ තමන් IMF වැඩ පිළිවෙල ඉදිරියට ගෙනයාමට බලාපොරොත්තු වන බවත් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා වෙත පැවසුවා.

මීලඟට පත්වන ආණ්ඩුව ණය හිමියන් සමග එකතු වී මෙම වැඩපිළිවෙල ඉදිරිය රැගෙන යාමට බැඳී සිටින බව ද, ඒ නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂ සමග සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීම සුදුසු බවද ඔහු යෝජනා කර සිටියා.

එයට පිළිතුරු වශයෙන්, තමන් කොතරම් කාලයක් සිටීද යන්නට කලින් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා සභාපති ලෙස කොපමණ කලක් සිටීද යන්න ප්‍රශ්ණයක් බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

මෙය මුළු රටටම බලපාන කාරණයක් බව තමා පිළිගන්නා බවත්, IMF සමග මූලික සාකච්ඡාව පැවැත්වීමෙන් පසුව පක්ෂ නායකයින් කැඳවා එහිදී විකල්ප අදහස් ඇත්නම් ඒ පිළිබඳව IMF කණ්ඩායම සමග සාකච්ඡා කරන බවත්, සාකච්ඡා අවසන් කිරීමෙන් පසු එය අඩංගු නීති කෙටුම්පතක් තමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.